වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන් ...

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

පත්තිනි මෑණිවරුන් දෙදෙනෙක් ගැන දේව පුරාණයේ සදහන් වෙයි. මෙහි දී අප දක්වෙන්නෙ මහ බල සම්පන්න නවගමුවෙ ශී පත්තිනි මැණියන් ගැනය. ඊට අමතරව පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත්තා යැයි සැලකෙන වලානේ පත්තිනි මෑණි කෙනෙක් ගැනද පැරනි පොත පතහි සදහන්වෙයි.
පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිඹඳ මත කීපයක් සමාජයේ පවතී තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වේ. දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන්.
ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වූ අතර ඈ සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා ඇය සැමියා සොයා එන විට සැමියා මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය රජුට සාප කරනවා.. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..
පත්තිනි මෑණියන්ගේ උපත මෙතනින් සිදුවන අතර පසුව තිසරන සරන ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන්.මෙරට රජකල 1 වන ගජබා රජු සොළි දේශය ආක්‍රමණය කොට බලගතු සොළී රජකු විසින් ගෙන ගිය දොලොස් දහසක් සිංහලයන් සමග හිලව්වට සොලීන් දොලොස් දහසක් රැගෙන ආපසු එන ගමනේදී පත්තිනි දේවියගේ රන් සළඹද මෙහි ගෙන ආ බව ප්‍රකට පුවතක්.පත්තිනි මෑණියන්ගෙන් පිහිට පතා කිරි අම්මාවරුන්ට දානය දීමත් කාලාන්තරයක් තිස්සේ අපේ රටේ පවතින සම්ප්‍රදායක්
පත්තිනි දේවිය පිහිටවන්නේ කාහටද?
පතිවෘර්ථා බලයෙන් දේවත්වයට පත් ශාන්ත දෙවඟනක් වූ පත්තිනි දෙවඟන නොයෙක් අවස්ථාවන්හිදී ජනතාවට පිහිට වෙනවා.විශේෂයෙන් කාන්තාවන්ටත් ,දරුවන්ටත් ඇයගේ පිහිට ලැබෙන බවට විශ්වාසයක් පවතිනවා. දරුපල සම්බන්ධ ගැටලුවලින් පිඩාවට පත්වූ කාන්තාවන්ටත්, පවුල් ජිවිතයේ නොයෙක් ගැටලුවලින් දුක් විඳින කාන්තාවන්ටත්, නොයෙක් ලෙඩ රෝගවලින් පෙලෙන කාන්තාවන්ටත්, කුඩා දරුවන්ටත් ඇයගේ පිහිට නොමඳව සැලසෙනවා. අනියම් සම්බන්ධතා පවත්වන, දුෂ්චරිතවත්, ආගම භක්තිය නොමැති කාන්තාවන්ට ඇයගේ පිහිට නොලැබෙන බවටද විශ්වාසයක් පවතිනවා.
නොයෙක් දෙනාට වැළඳෙන පැපොල, සරම්ප, කම්මුල්ගාය ආදී අසනීප අවස්ථා වලදී පත්තිනි දේවියගේ පිහිට ලබාගැනීමට බොහෝ දෙනා අමතක කරන්නේ නෑ. කුඩා දරුවන් ගේ රෝග පීඩා වලදීද පත්තිනි දේවියට පඬුරක් ගැටගසා පිහිට ඉල්ලාසිටීමට බොහෝ දෙනා පුරුදුවී සිටිනවා. දරුවන් ලැබෙන්නට සිටින මව්වරුන්ද තම දරු ගැබේ ආරක්ෂාව පතා පත්තිනි මෑණියන්ට භාර වෙනවා. මෙවැනි අවස්ථාවලදී සිදුකරන්නේ දරුවා ලැබුණු පසු කිරිඅම්මාවරු හත් දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසකට දානයක් දීමට පොරොන්දු වීමයි. දරුවා ලැබී තුන් මසක් ගතවීමෙන් අනතුරුව භාරය ඔප්පු කිරීම නිවැරදි පිළිවෙතයි. රෝග පීඩා අවස්ථාවලදීද අසනීප සුව වූ විගස කිරිඅම්මාවරුන්ට දානයක් පිරිනමන බවට වන පොරොන්දුව පඬුරක් ගැටගැසීම මගින් සංකේතවත් කරනවා.
කිරි අම්මාවරුන්ගේ දානයක් දෙනවානම් මේ ගැන සැළකිලිමත් වෙන්න
ප්‍රබල ගුණ පෙන්වන මෙම කිරි අම්මා දානය පිළිබද වද ඔබ නොදත් කාරණා බොහෝ තිබෙන්නට පුලුවන. ඒ සම්බන්ධ මූලික කාරණා කිහිපයක් පිළිබදවද ඔබගේ අවධානය යොමු කරවීමට කමැත්තෙමි.
මෙය කිරි උපයෝගී කරගෙන සිදුකරන සරල පූජා ක්‍රමවේදයක් නිසා කිරි දානය ලෙසද හදුන්වනු ලබයි. පෙර සිදු කළ භාර හාරයක් ඔප්පු කිරීම සදහා සිදු කරන්නකි. නමුත් සමහර ප්‍රදේශ වල වාර් ෂික ශාන්තිකර් මයක් ලෙස සිදු කලද, නිවැරදිව මෙය සිදු කිරීමෙන්, මෙමගින් පවුලේ දියුණුවට මෙන්ම ඇස්වහ කටවහ සියලු බාධක දොස් නැසීමට තරම් බලයක් පවතී. එසේම කිරි දානය දිය යුතු කාල වේලාවන් වෙන් කර ගැනීමේ පිළිගත් මතයක් ද පවතී. එනම් අමාවක දින පසුවීමෙන් පසුව දින තුනක් ගත වුන තැන සිට ඉදිරියට පසළොස්වක පොහොය ලබන තෙක්වූ දිනයකදී , නිවසේ කිසිදු රෝගියෙක් හෝ වසංගත රෝගයක් හෝ නොමැති අවස්ථාවක මෙම දිනය වෙන් කර ගත යුතුය. නිවසේ ගෙබිම සෝදා පිරිසිදු කර ගත යුතුය. නිවසේ අහුමුලුවල ඇති කුණු සහ මකුලු දැල් කඩා ඉවත් කොට මූලික පිරිසිදු කිරීමක් සිදු කර ගත යුතුය.පසුව සුදු හදුන් සහ සහ ගල ගා ගෙන, පොල් කිරි වලට මිශ්‍ර කොට නිවසේ සෑම තැනකම ඉසිය යුතුයි. පසුව අදාල දින හොදින් සුවද දුම් අල්ලා අම්මාවරුන්ට හිද ගැනීම සදහා සුදුසු ලෙස පැදුරු අතුරා ඒ මත පිරිසිදු සුදු රෙදි ඇතිරිය යුතුයි.මෙලෙස මහත්ඵල ආනිසංස ගෙන දෙන කිරි දානය සදහා කිරි මව්වරුන් තෝරා ගැනීමේදී ද විශේෂයෙන් සැලකිළිමත් විය යුතුය.
මේ සදහා විශේෂයෙන් ඉතා මහලු සැරයටිය ආධාරයෙන් දුබලව ගමන් කරන අම්මාවරුන්, වැන්දඹු කාන්තාවන්, උපතින් හා පසු කලෙකදී අංග විකල වූවන්, වඳ යැයි සමාජ සම්මත ස්ත්‍රින්, මත්පැන් – මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වූ කාන්තාවන් ආදීන් සම්බන්ධ කර නොගැනීමට විශේෂයෙන් වග බලා ගත යුතුය. එසේම අම්මාවරුන් නිවසට පැමිණීමෙන් පසු ඔවුන්ගේ දෙපා සෝදා පිළිගත යුතු අතර, ඒ සදහා සුදුසු භාජනයක් සහ වතුර ගැනීමට කෝප්පයක් සූදානම්ව තබා , දෙපා දෝවනය කොට , දෙපා පිසදැමීම සදහා සුදු රෙදි කඩක් ද සූදානම් කර ගත යුතු වෙයි.
එසේම මැටි පහන් 8, කෙසෙල් ගෙඩි 56, කිරිබත් කෑලි 56, බුලත් විට 8, පහන් තිර, කෝපි කෝප්ප 8, කිරි දොදොල් 56, පඩුරු, කපුරු පෙති, කැවුම් 56, බුලත් අත් 7 , තැබිලි ගෙඩි 8, ක් ආදිය ප්‍රධාන වශයෙන් අවැසි වේ. කුඩා ටීපෝවක් මත සුදු රෙදි කඩක් එලා ඒ මත කෙසෙල් කෙසෙල් කොළ අතුරා එක් වර් ගයකින් එක බැගින් ගෙන පතිනි පූජාව සදහා පූජා වට්ටිය සකසා ගන්න. යහන මත වැඩ සිටින පත්තිනි මෑණියන්ට මල් යහන කැප කොට , මල් පහන් ආදී සියලු පූජා පවත්වා ප්‍රධාන දායිකාව විසින් ආරාධනා කන්නලව්ව සිදු කොට වැඩ කටයුතු ආරම්භ කරනු ලබයි. මෙහිදී විශේෂයෙන් යාතිකා කිරීම සදහාත් තිර දෙක බැගින් දෙපසට තබා දල්වන මැටි පහන් සකසා ගැනීම සිදු කල යුතු වෙයි. එ් සදහා තරමක දිගින් යුතු පහන් තිර කිහිපයක් සකසා ගත යුතුය.
පත්තිනි දේවිය උදෙසා පවත්වන පූජාව.
කලින් පිළියෙළ කරගත් පතති දේවියගේ රුව සහිත පූජාසනය මත සුදු පිරුවටයක් එලා ඒ මත මල් අතුරා, හඳුන් කූරු දල්වා, පොල්තෙල් පහන් හතක්ද දැල්විය යුතුයි. පහන් තිර හතක් යොදා එක පහනක් දැල්වූවද වරදක් නෑ. අඹ ඇතුළු පළතුරු වර්ග හතක්ද පූජාසනය මත තැබිය යුතු අතර සුවඳ හමන නැවුම් පළතුරු මේ සඳහා යොදාගැනීම වැදගත් වෙනවා. තැඹිලි ගෙඩියක්, කැවිලි හතක් හා පඬුරු හතක්ද පූජාසනයේ තැබිය යුතුයි. ස්ථානය කහදිය ඉස පිසිදු කරගත යුතුයි.
අනතුරුව අම්මාවරු හත් දෙනාත් නිවසේ සියලු දෙනාත් එක්ව පත්තිනි මෑණියන් උදෙසා ආරාධනා කවි ගායනා කළ යුතුයි. පූජාව කැපකර අවසන් වූ පසුව කිරිබත්,කිරියා ඇතුළු කැවිලි වර්ග හා පළතුරුද, හකුරු, බුලත්විට ආදියද අම්මාවරුන් ට සමසේ පිළිගැන්විය යුතුයි.
දානය පිළියෙළ කිරීමේදී පිරිසිදු ලෙසත්, නොඉඳුල්වත් පිසගත යුතු අතර දිය නා පිරිසිදුව සිටීමත් වැදගත් වෙනවා. සියල්ලට පළමුව දානයට ඇතුළත්වන සියලු දෙයින් බුදුන් වහන්සේට බුද්ධ පූජාවක් සකස්කොට පූජා කිරීමටද අමතක නොකළ යුතුයි.
පූජා පිළිවෙල.
01 පන්සිල් සමාදන්වීම.
02 තෙරුවන් වැඳීම.
03 රථන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය ආදී පිරිත් ගායනා කිරීම.
04 බුද්ධ පූජාව පැවැත්වීම.
05. දෙවියන්ට ආරාධනා කිරීම.
06 පූජාව කැපකිරීම.
07 කිරිඅම්මාවරුන්ට දන් පිළිගැන්වීම.
08 කිරි අම්මාවරු විසින් පින් දී දැන් පිළිගැනීම.
09 කිරි අම්මාවරු දානය වැළඳීම.
10 දෙවියන්ට පින් දීම හා ශාන්තිය උදා කරන ලෙස කන්නලව් කිරීම.
11 ආතුරයින්ට සෙත් පැතීම.
12 පහන් තිර නිවීම.
13 කිරි අම්මාවරු පිටත්ව යාම.
පහන්තිර නිවීම.
දන් වළඳා, ශාන්ති කවි ගයනා කර, දෙවියන්ට පින් දී, ආතුරයින්ට සෙත් පැතීම සඳහා පහන්තිර හතක් දල්වා හිස වටා කරකවා කිරි පැන් බඳුනකට දමා නිවා දැමිය යුතුයි.දෙවියන්ට දැල්වූ පහනෙන් තෙල් ගෙන ආතුරයින්ගේ හිස ගලවා සෙත් පැතිය යුතුයි.පසුව තම තමන්ට වෙන් කර දුන් දාන කොටස ගෙන නිවසේ කිසිවෙකුත් සමග කතා නොකොට පිටව යා යුතුයි.කිරි දාන සඳහා සහභාගී වී ඇති මව්වරුන්ට මේ පිළිබඳව මනා අවබෝධයක් තිබෙනවා.
කිරි දානයකදී කියන පත්තිනි හෑල්ල –
අපරිමිත දයානුකම්පා පූර්වකව මෙනරලොව සත්ත්වයින්ගේ ඉශ්ටාර්ථාති වර්ධනය කරමින් වැඩ වාසස්ථානය කරන්නාවූ සිද්ධ මධුරමාල පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේට කියා සැලකර සිටින කන්නලවුව දිව කනින් අසා දිව ඇසින් බලා වදාරා ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේගෙන් භක්ති ප්‍රණාමයන් ඇයද සිටින්නාවූ සකලාභීමතාර්ථයන් ඉෂ්ට සිද්ද කරදී වදාරන සේක්වා , සිද්ද පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ මෙලොව සත් වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි නාමයෙන්ද දොළොස් වාරයක් පහල වූ හෙයින් දොළොස් පත්තිනි යන නාමයකින්ද ප්‍රසිද්ධව වැඩ වාසස්ථානය කරන්නාවූ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේට සැලකර සිටින්නාවූ මොවුන්ගේ සකල උවමනාවන් සාධනය කරදී වදාරන සේක්වා .
තවද විපුල ගුණ දසත හැර සකල දන මවිත කර දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනිකඳෙන් විදුලියෙන් සිනහ රැල්ලෙන් මවිතඅඹෙන් සළුපොටෙන් නුගපත්‍රයෙන් කදුරුපොත්තෙන් මේ ආදී දොළොස් ආකාරයකින් උපත ලබා සෘද්ධිමත් දිවය ඥාන වික්‍රමයෙන් සුර ලොවට වරම් ලබාගෙන සුර ලොවින් අසුර ලොවට වරම් ලබාගෙන නා ලොවින් මේ ලොවට වරම් ලබා නාගමානවිකාවන් තිස් දහසක් පිරිවරාගෙන නාග මාණික්‍යයක් දරාගෙන පුන් කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන නවගමුවේ පිහිටි හිමි දේව මාලිගාවට අධිපතිව ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ දිව්‍ය තේජානුභාවය බලම්හයි සිතා සක්‍රයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදම් නගා දෙකොන කපා එවූ මල කොස් උළුවහු කණුවේ දළු ඇද තුන්දුමා බුරුතු පලගන්නට වරම් දුන්නා සත්‍යවාදී සැබෑවීනම් ඒ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේට සැලකර සිටින කන්නලව්ව දිව සවනට ගෙන මොවුන්ගේ අභිමතාර්ථ සාධනය කෙරදෙන සේක්වා .
තවද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ පරංගි සමයක්කාරයාගේ යුද්ධය තුන්මසකට කල්තියා රුවන් සළඹ සත්නමක් මැදගොඩ අල්ලට අලි කිඹුල් වාහනේ පිට වැඩම කරවා මැදගොඩ ඇල්ලෙන් කෙලි පුද ගන්නට වරම් දුන් සත්‍යානුභාවයෙන්ද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ අන්දුනගිරි පර්වතේ පිට තපස් රකිනු දුටු සක්‍ර දේවේන්ද්‍රයන් පත්තිනිගේ තදබල බලමියි සිතා මහලු වෙස් රැගෙන ඔබ වතට පැමිණ නගන්ඩියෙනි මට දානයක් දෙවයි සලකල තැනේදී කුමන දානයක්දයි අසා වදාරා අඳුන්ගිර පව් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් දෙවයි කී තැනේදී සිනා පහල කර සත්‍යක්‍රියාවෙන් සිත එකඟ කර අඳුන්ගිර පයින් මඩකර සුවඳහල් ඉස පස්සවා දියෙන් ගිනි ගෙන සත් පැයක් ඇතුලත ඒ දන් පිසදුන් තෙදබලයෙන් ඔබ දිව්‍යාන්ගනාවුන් වහන්සේට සැලකර සිටින මොවුන්ගේ සියලු අධිෂ්ටානයන් ඉෂ්ටකරදී වදාරන සේක්වා .
තවද පුරාන සකල නාගරජුන් මවුපියවූ සිද්ද පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ පෙර දිවැස් දුටු බලෙන් හිමිතුමන් මැරූ රොසින් සුරවර්න පඬි රජුන් නෙත මකා ප්‍රතාප සුගන්ධයෙන් දිලි රුවන් තෙදින් පෙර මෙකපට මෙම ශ්‍රී ලංකාද්වීපයට මන්තොන්ඩු පුරට කෝලියපුර නුවරට නවගමුවේ හිමි දේව මාලිගාවට යහතින්ම දිවැස් කරුණා කර වැඩවදාරනාවූ සිද්ද පත්තිනි මධුරමාල දිව්‍යාංගනාවුන්වහන්සේට දොහොත් මුදුනේ තබා වඳිමින් කියා සිටින කන්නලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා මොවුන්ගේ සකල අභිමතාර්ථයන් අද මෙවෙලේ පටන් සාධනය කරදී වදාරන සේක්වා තවද තොටියාගේ වරිගයට හැටහතර වඳුරු වසංගත රෝගවල් මැවෙන්ඩ වරම්දී දෙවනුව ගුනවෙන්ඩ වරම් දුන්නා සත්‍යවාදී සැබෑවීනම් මෙවෙනි ආතුරයින්ට ශුභ ශාන්තියක්ම කර වදාරන සේක්වා .
තවද ඔබ වහන්සේ මේ ශ්‍රී ලංකාද්වීපයට කුවේණි නම් යක්ෂනී විසින් විජය රජ්ජුරුවන්ගේ සේනාවට හැට හතරක් වඳුරු වසංගත රෝගවල් මවාපාපු තැනේදී ඔබ වහ්නාන්සේ උතුරු සළුවෙන් පවන් සලා ගුනවෙන්ඩවරම් දුන්නා සැබෑ වීනම් මතු බුදුවන දිව්‍යාන්ගනාවුන් වහන්ස අදපටන් මෙම ආතුරයින්ට උඩින් පායන අව්වත් වටින් හමනා සුළඟත් හැර අමුතු උවන්දිරමක් වැද්ද සිද්ද නොදී ආරක්ෂා කරදී වදාරන සේක්වා .තවද මෙවෙනි මේ ආතුරයින් ඔබ වහන්සේ නමින් කිරි අම්මාවරු හත් දෙනෙකුට භාර හාර යාඥා කන්නලවුකරගෙන සිට අද මෙතනදී ඇප කැප භාර හාර ඔප්පු කර කිරි අම්මාවරු හත් දෙනාට දානය දුන් පුණ්‍යානු මෝදනය මතු බුදුවෙන ඔබ වහන්සේ පිළිගෙන වදාරන සේක්වා තවද මොවුන්ට වැලදී එන්නාවූ දෙවි දොස ග්‍රහ දොස ඇස්වහ කටවහ හිත්වාහ දොසයන්ද වා පිත් සෙම් යන තුන්දොස් කිපීමෙන් වැද පැමිණි දෝසයන්ද මෙකී නොකී සකල දෝසාන්ධකරයන්ද ගසා දුරුවන් කරදී වැඩ වදාරන සේක්වා ඔබ කීරිති පස්වාන් දහසක් ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේ
පූජාව පිළිගැන්වීමේදී සිදුකරන යාදින්න
“මතු බුදුවන ශ්‍රි සිද්ධ සත් පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේගේ පතිවත බල මහිමය කරනකොට ගෙන පඬි රට පඬි රජු ඇතුළු සතුරන් සමූල ඝාතනය කොට මුළු ලොවට ඔබ මහිමය පෙන්වා සත්වාරයක්‌ සත් නාමයකින් ජනතා බලය පැතුරූ සත් පත්තිනි දේවියන් වහන්ස, අද ද ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් අඩුක්‌කු මල් පහන් පුද දෙන අසරණ ගැත්තන්ට අනුකම්පා කර දිවැස්‌ බලා වදාරා ඔවුන්ට වැළඳී ඇති ඇස්‌වහ, කටවහ, අනවින, ලෙඩ රෝග, අතුරු ආන්ත්‍රා, ව්‍යාධි, අලපාලු, ධූරිභූත කොට ඔවුන්ගේ අඹු දරුවන්ගේ ගේ දොර, හරකාබාන, වතුපිටි, ගොවිතැන්, රැකීරක්‍ෂා මෙකී නොකී සියල්ල ආරක්‍ෂා කර ඔවුන්ගේ සියලු වියවුල්, සිත් තැවුල්, අඩුපාඩු මඟහරවා යස ඉසුර ළඟා කර දෙන මෙන් ඉල්ලා ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිකර ඒ වෙනුවෙන් අප ඉදිරියේ තබා ඇති සියලු අංගයන්ගෙන් සපිරිණු මෙම දානය අප විසින් පිළිගැනීමේ හේතු කොට ගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බල මහිමය ඔබ වහන්සේට ද අත්පත් වීමෙන් මතු බුදුවන පත්තිනි දේව ස්‌වාමීන් වහන්ස, ඔවුන් ආරක්‍ෂා කර දෙන සේක්‌වා. (මෙම යාදිනකුඑන් පසු කිරි අම්මාවරුන් දානය වළඳා ඔවුන් ඉදිරියේ ඇති පහන්වල වැටිදෙකින් එකක් බැගින් ගෙන අසුනින් නැගි සිට පත්තිනි දෙවියන් වෙනුවෙන් තැබු ආසනයට නමස්‌කාර කර එම වැටියේ ඇති තෙල් ගෙදර අයගේ හිස් වල ආලේප කරයි.)
පත්තිනි දේව කන්නලව්ව
පස්‌වාන් දහසකට ආයුරක්‍ෂා ආයුබෝවේවාෘ සිද්ධ මධුර මාලා පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්ස මේ නරලොව සියලු සත්වයන්ට එකසේ දයානුකම්පාවෙන් ඔවුන්ගේ ඉෂ්ඨාර්ථයන් වැඩි දියුණු කෙරෙමින් වැඩ වසන ඔබ වහන්සේට සැලකර සිටින කන්නලව්ව දිවැස්‌ කරුණාවට ගෙන බලා වදාරා මේ ගැත්තන්ගේ සකල අභිමතාර්ථයන් ඉෂ්ට කරදී වදාරණ සේක්‌වාෘ සිද්ධ පත්නිනි දිව්‍යාංගනාවුන් වහන්ස, ඔබ වහන්සේ එක වරක්‌ ජලයෙන් ද, තවත් වාරවල මලෙන්, ගිණිකඳෙන්, ගලෙන්, නයි කඳුලින්, අඹෙන්, සලු පොටෙන්, උපත ලැබ නොයෙක්‌ තෙද බල පෙන්වූවා සත්‍යවාදී සැබෑ වී නම් සත් පත්තිනි, දොළොස්‌ පත්තිනි, ගිනි පත්තිනි, සිද්ධ පත්තිනි, යන උතුම් නම්වලින් ප්‍රසිද්ධ වන්නා වූ මහානුභා සම්පන්න සළඹ සෙළවූ පමණින් යක්‍ෂ උවදුරු පහවෙනවා සැබෑමයි. මේ ශ්‍රී ලංකාද්වීපයට, කාලිය පුර නුවරට, නවගමුවේ පිහිටි දේව මාලිගාවට අධිපති යහතින්ම දිවැස්‌ කරුණා කර වැඩ වසන මධුර මාලා පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්ස, එසේ හෙයින් ප්‍රකාශ කළ නොකළ ඔබ මෑණියන් වහන්සේගේ ගුණ හා බල මෙනෙහි කොට ඉතා යටහත් පහත්ව කියා සිටින්නේ මේ අසරණයන් හට වැළඳී තිබෙන දෝෂ, ග්‍රහ දෝෂ, යක්‍ෂ, ප්‍රේත, පිසාචාදීන් ගෙන් වැද පැමිණියා වූ දෝෂාන්ධකාරයන් ද, ඇස්‌වහ, කටවහ දෝෂ, වා පිත්, සෙම් යන තුන් දොසින් වැද පැමිණි දෝෂාන්ධකාර ද, කී නොකී සියලු දොස්‌ නසා දුරුවන් කර සකලාන්තරා සර්ව උපද්‍රවයන් පහකොට සුබ සෙත් ශාන්තියක්‌ සලසා දෙන සේක්‌වාෘ ඔබ කීර්ති පස්‌වාන් දහසක්‌ ආයුබොහෝ වේවා…
පත්තිනි මෑණියන් වඳින ගාථාව
මාතරං පත්තිනිං වන්දේ
සර්ව සත්ව ශිවංකරං
දදතාං සතතං මය්‍යහං
ආරෝග්‍යං රක්ෂණං බලම්
පහන් තැබීම
1.35 සිට 12.05 දක්‌වා
පූජා පැවැත්වීම –
සුවඳ මුල්, අලුත් මැටි පහනක්‌, පොල් තෙල්, සුවඳ දුම්, කපුරු, පිනිදිය, පලතුරු පහක්‌, කැවිලි පහක්‌, ධාන්‍ය පස්‌ වර්ගයයි.
පත්නිනි දේව ස්‌තොත්‍ර
පතිබ්බතා යා සහ සාමිකෙන
ගන්ත්වා පුරං පණ්‌ඩු නාරාධිපස්‌ස
දාහෙසි තං ආගු මසයිහ මා නා
සා පත්නිනි පාලයතං සදාමං
ක්‍රමය – තමන් පිරිසිදුව පහන් තබා, පූජා පවත්වා ස්‌තොත්‍ර කියා අවසාන කන්නලව්ව කර තමන්ට සුදුසු භාරයක්‌ වීම හොඳයි.
ආරාධනා කවි
නානා සුන්දර ජන වනිතාගණ තාර පතී ඉව ශ්‍රී දෙහං
නානා වර්ණක ශාටක ධාරණ මාලා දාම පිලන්ධං
නානා ශාස්ත්‍ර ප්‍රජාන විජානන ඥාන විශාරද කීර්ති ධරං
නානා ශෝභිත රත්න නිරන්තර දදාතුතෙ පත්තිනි මාතා
නානා නාගා සුර නර චන්දන මාන නිරන්තර ලද්ධානං
නානා ජාතික පූජක භක්තික චිත්තන කුන්ද විකාසිතං
නානා දෙසික නානා භූමික දෙවා මන්දිර ප්‍රජානං
නානා ශෝභන දෙහ විරාජිත දෙවි පත්තිනි රක්‍ෂා තුරං
පීනා යන මෘදු නාගාභෝගිව බාහුං යුග්මා රුචිරායං
දීර්ඝා ලෝචන මෘග අක්‍ෂි ඉව ප්‍රවාල අංකුර අධ්‍රාවං
දීර්ඝාංගුලි පංකජ පත්‍රානක විංසතියං සුමනා පුෂ්පං
දානාති නිත්‍යා පත්තිනි ශුභ මංගල මායුෂ ශාන්ති ශ්‍රී
අතතය විතතය විතතාතය ඝන සුසිරය පංචාංගික තූය¸
ග්‍රාහික සුර නර පූජිත නිත්‍යාභිලාෂි ජන පූජා කෘත්‍යං
වාදන ගායන ගීතික ඝෝෂා කීර්තිති අශෙෂා චිරකාලං
ආතුර රක්‍ෂතු තෙ ජය මංගල ආයු ශ්‍රියා සුබ දාන කෘතං
මල් යහන් කවි
බැතිනි සත් කපෙන් බුදු බව පතන්නේ
බැතිනි රාග ගුණයෙනි ලොව බලන්නේ
බැතිනි සිතිනි දුන් පින්පෙත් ලබන්නේ
පතිනි දේවි මල් යහනට වඩින්නේ
අමා සිරි දෙන්නට
කමා වන් දුටු වරදට
පමා නොව මෙරඟට
දමා දෑතේ හලඹ නදකොට
පුරා අත හලඹත්
පුරා තද තෙද අගපත්
විරා ජිත කොමළත්
සරා නමිදිමි සුරඹ මුදුනත්
මෙමා කී කවියෙනී
දමා උවදුරු හරිමිනී
යොමා තෙද දෙවියනී
දමා දෑතේ හලඹ නද දුනී
දුහුල් පට වියනෙන්
සුනිල් තිර හත බඳිමින්
සියල් මල් පඬුරෙන්
මෙමල් යහනට දිෂ්ටිලා එන්
පුරා සලඹ නද ගොසකර වැඩම කරනවා
නුරා ළැමැද පියයුරු රන් දමින් වසනවා
ගිරා තුඩුුසෙ ගෝමර රන් බඳ දිලිසෙනවා
සරා ලාපු මල් අස්නට වැඩම කරනවා
ලොබේ වඩන දිව ඔසරිය පවන් සලා ලන්
නුඹේ මුදුන වලා ගැබෙන් එන පුන් සඳමෙන්
ලැබේ මෙදලු මුර දිවසින් බලා හෙලාලන්
අඹේ උපන් පත්තිනි දෙවි රඟමඬලට එන්
අඹයෙන් උපන්නේ
යයි පතළව තිබෙන්නේ
රටින් රට යන්නේ
දුකින් සත මුදවා හරින්නේ
ළමා ළපටින්නේ
අමා මව කිය උන්නේ
සැමා මවු වන්නේ
මෙමා පතිනිට දුක කියන්නේ

Popular posts from this blog

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.