වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.



නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු


නිවෙසක ප‍්‍රධන දොරටුව සෞභාග්‍යයේ සංකේතයක් බඳුය. පුරාණ වාසීහු එයට ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කළහ. එමඟින් ජීවිතයේ සරු පල නෙලා ගත්හ. එහෙත් අද…… නිවසක් ඉදිකිරීමේ දී පුරාණයේ සිටස ප‍්‍රධාන දොරටුව හෙවත් මහා ද්වාරය ගැන වැඩි සැලකිල්ලක් දක්වයි. ප‍්‍රධාන දොරටුව සුබදායක තැනක තැබීම නොවැරදීම කළ යුතු දෙයකි. වාස්තු මූලධර්මවලට අනුව ප‍්‍රධාන දොර පිහිට වූ විට එයින් නිවෙසියන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ද සෞභා්‍යය ද තෘප්තිය ද අත්වන බව වාස්තු විද්‍යාවේ සැලකේ.

නිවෙසේ ගෘහ මූලිකයා හා ඔහුගේ හෝ ඇයගේ ජීවන මාර්ගය නියෝජනය වන්නේ නිවසේ ප‍්‍රධාන දොරටුවෙන්ය. එබැවින් ප‍්‍රධාන දොරටුව මෙන්ම එහි පිවිසුම් මාර්ගය ද සිත් ගන්නා සුළු ප‍්‍රියමනාප ස්වභාවයෙන් යුතුව ආකර්ෂණිය තත්ත්වයකින් තිබිය යුතුය. ප‍්‍රධාන පිවිසුම ඉදිරිපිට ද ඉතා පිරිසිදුව කැළි කසළ වලින් තොරව තිබිය යුතුය.
නිවෙස් දොර අසල සීනුව ද හොඳ තත්ත්වයේ එකක් වීම සුබ කරුණකි. නිවෙසේ නාම පුවරුව ද දිලිසෙන පිරිසිදු ප‍්‍රියමනාප එකක් විය යුතුය. එය රත්ත‍්‍රන් පැහැයෙන් යුතු නම්ඉතා අගනේය. ඉදිරිපිට දොර පියන ද කැටයම්වලින් යුතු හොඳ ලස්සන ප‍්‍රියමනාප එකක් වීමත්, නිතරම ප‍්‍රධාන දොර මහේශාක්‍ය ආකර්ෂණීය ලීලාවකින් තිබිය යුතුය. නිවෙසෙක ප‍්‍රධාන දොර කුඩා එකක් නම් එහි වෙසෙන්නන් බයාදු, කලබල මන්ද උත්සාහී අයවේ. ප‍්‍රධාන දොර අන් දොරවල්වලට වඩා ඝනකමින් ද වැඩි වීමත් දොරවල් මෙන්ම ජනේල ද නිවෙසේ ව්‍යුහයට සමානුපාතික විය යුතුය.

ඕනෑවට වඩා කුඩා මෙන්ම විශාල දොරවල් ද නිවෙසෙකට සුදුසු නැත. එමෙන්ම ප‍්‍රධාන දොර තරමක් බර ශක්තිමත් එකක් විය යුතුය. එමෙන්ම දකින අය මෙන්ම ප‍්‍රධාන දොරොන් යන එය අය තැති ගන්වන ස්වභාවයේ දොරවල් ද ගෙදරකට සුදුසු නැත. එවැනි දොරවල් සුදුසු වන්නේ පන්සල්, දේවාල වැනි පොදු ගොඩනැගිලි සඳහාය. තවද හකුලන දොරවල් ද ගෙදරකට සුදුසු නොවේ.
පුරාතනයේ වාස්තු නියමයන්ට අනුව දොරක පියන් දෙකක් තිබිය යුතුය. එය ගෙදරක සෑම දොරකම නොවූවත් ප‍්‍රධාන දොර එසේ වීම වඩාත් අගනේය. තවද ඇතුළු කාමරවලට ද දොර පියන් දෙකකට ගැනීම හැකි නම් එය ද වඩාත් යෝග්‍යය. පුරාතන ගෙවල්වල අපට නිතර එවැනි තත්ත්වයන් දැකිය හැකිය. ප‍්‍රධාන දොර ඉදිරිපිට ” වේඳ’ එනම් අවහිරයක් නොතිබිය යුතුය. ඒවා ද්වාර වේද දෝෂ වේ. බිත්තියේ සුබ ස්ථානයක සවි කරන ලද ප‍්‍රධාන දොරටුව පුළුවන් හැම අවස්ථාවේ දීම විවෘතව තැබිය යුතුය. එමගින් සුබදායක ජව ශක්තිය නිවෙසෙ තුළට ගලාගෙන එයි. ඇතැම් අවස්ථාවල නිවාසවල ප‍්‍රධාන දොර වැඩිපුර භාවිතයට නොගන්නා අවස්ථා ද අප දැක ඇත. සමහර ගෙවල්වල වැඩි වශයේන භාවිතා වන්නේ කුස්සියේ ඇති දොරය. එය වාස්තු විද්‍යාවට අනුව ඉතාම අසුබ තත්ත්වයකි . ගෙදරක පිවිසුම ආසන්නයේ ගින්දර නොතැබිය යුතුය. එමඟින් ප‍්‍රගතිය, දියුණුව වළකාලයි. තවද එසේම නඩු හබ හා හොර හතුරු උවදුර ඇති කරයි. නිවෙසෙක ප‍්‍රධාන දොරටුව නිවැරදිව පිහිටුවීම මඟින් නිවෙසෙට සතුට, සෞභාග්‍යය සාමය ඇති කරයි. එය පිහිටුවා ඇත්තේ සුබ පාදයක නම් ද සෑම අතින්ම සුබ පල ගෙන දෙයි.

ප‍්‍රධාන දොර පිළිබඳව සැලකිය යුතු දෑ
1.ප‍්‍රධාන දොර වාස්තු විද්‍යාවට අනුව පිටත හෝ ඇතුළතට නෙරා ඇති කුඩා බිත්තියකට නොගත යුතුය.
2.ප‍්‍රධාන දොර නිතරම අන් ඒවාට වඩා විශාලව මහේශාක්‍ය ලීලාවෙන් පැවතිය යුතුය. එය සෑමවිටම විවාත විය යුත්තේ නිවස ඇතුලතට වේ.
3 ප‍්‍රධාන දොර ඉදිරිපිට සැමවිටම වැරැුන්ඩාවක් තිිබිය යුතුය.
4.දොරවල් ඔත්තේ සංඛ්‍යාවකින් ද ජනෙල් ඉරට්ටේ සංඛ්‍යාවකින් ද වීම නියතයකි.
5.ප‍්‍රධාන දොර ඉදිරිපිට හරි කෙළින් පාරක් නොතිබිය යුතුය.
6.ප‍්‍රධාන දොර හා ගේට්ටුව එක කෙළින් නොදමන්න.
7.ප‍්‍රධාන දොරට කැටයම් දැමීම ද සෞභාග්‍ය ගෙන ඒමේ සංකේතයකි.
8.ප‍්‍රධාන දොරෝ කැඞීම් පිපිරීම් ඇලවීම ආදියෙන් තෙර විය යුතුයි.
9.ප‍්‍රධාන දොර ඇරීමේ දී ශබ්ද නොනැගෙන ලෙස තබන්න.
10.ප‍්‍රධාන දොර තැබීමේ දී අන් පිටවන දොරවල් ඇති දිශාවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න.
11.නිවෙසෙක ප‍්‍රධාන දොර සවි කිරීම මෙන්ම ප‍්‍රධාන උළුවස්ස සවි කිරීම සුබ මුහුර්තියක කරන්න.
12.ප‍්‍රධාන දොර සෑදීමේ දී හා ප‍්‍රධාන උළුවස්ස සෑදීමේ දී එකම ලී වර්ගයකින් සාදාගන්න.
13.පැරණි නිවාසවලින් ගලවන ලද ලී වලින් ප‍්‍රධාන උළුවස්ස, දොර නොදැමිය යුතු බව සලකන්න.
14.දොර නිතරම ලස්සනට ඔප දමා වර්ණවත්ව තබන්න.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Popular posts from this blog

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න