වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

සෙනසුරු අපලයට සිදු කරන ශාන්ති කර්ම.

සෙනසුරු අපලයට සිදු කරන ශාන්ති කර්ම....




සෙනසුරු ග්‍රහයා 2017 ජනවාරි 26 වන දින රාත්‍රි ධනු රාශියට පිවිසියේය. ධනු රාශියේ මාස දෙකයි දින 10ක පමණ කාලයක් ගතකර 2017 අප්‍රේල් මස 06 වන දින අපසුගමන් (වක්‍රවී) අරඹයි. 2017 ජුනි මස 21 වැනි දින යළිත් වෘශ්චික රාශියට පිවිසෙන සෙනසුරු 2017 ජුලි මස 25 වැනි දින ආපසු ගමන නවතයි. යළිත් ඉදිරිය බලා ගමන් කිරීම අරඹා 2017 ඔක්තොම්බර් මස 26 වන දින යළිත් ධනු රාශියට ප්‍රවිශ්ට වනු ඇත. එතැන් සිට 2020 ජනවාරි 24 වැනිදා දක්වා අවුරුදු දෙකකුත් මාස තුනක පමණ කාලයක් සෙනසුරු ධනු රාශියේ ගෝචරය වෙයි.
සෙනසුරු මාරුවත් සමගම ලග්න දෙකකම ඒරාෂ්ටක අපල කාලයක් ආරම්භ වෙයි. ඒ අනුව ධනු ලග්න හිමියන්ට සෙනසුරුගෙන් යෙදෙන ලග්න ඒරාෂ්ටක වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයද උදාවී ඇත. ධනු රාශියේ උපතේදී චන්ද්‍රයා පිහිටා සිටි ජන්මීන්ට ලග්න ජන්ම ඒරාශ්ටකයද උපතේදී අටවැන්නේ චන්ද්‍රයා සිටි වෘෂභ ලග්න හිමියන්ට ජන්ම අෂ්ටම ඒරාශ්ටකයද ලබා ඇත.සෙනසුරුගේ නෛසර්ගික ගතිය වැරදි කළවුන්ට දඬුවම් දීමය. වැරදි කළ අය මොන උපක්‍රම යොදා නීතියෙන් ගැලවුනත් සෙනසුරුගෙන් නම් බේරිල්ලක් නැත. කිසිම සමාවක්ද නැත. ලොකු කුඩා, උස් මහත්, ධන නිර්ධන, බල දුබල ආදී කිසි වෙනසක් නැතිව කළ හොඳ හෝ නරක සමව බෙදාහදාදීම සෙනසුරුට අයත් කාර්යයකි. ජීවිත කාලයේදී කවදා හෝ සෙනසුරුගේ වාරය එළඹෙන නිසා එදාට රජකම් කළත් කළකම් ඵල දෙන බව කවුරුත් දනිති.


සෙනසුරු ග්‍රහයාට තරම් වෙනත් කිසිම ග්‍රහයෙකුට ජනතාව බියක් නොදක්වයි. සෙනසුරු දශාවක් හෝ ඒරාශ්ටක කාලයක් උදාවන බව දැනගත් විට පවා සමහරු තැති ගනිති. ඒ සෙනසුරු මහ දශාවේදී හෝ ඒරාශ්ටකයකදී ජන්මියා පෙර සසරේ කරන ලද කුසලා කුසල කර්ම විපාක ඵලදෙන කාල සීමාවක් නිසාය.
සෙනසුරුගේ මහ දසා කාලය අවුරුදු 19කි. එයින් මුල් අවුරුදු තුන සෙනසුරු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව වෙයි. මෙම කාලයන් තුළ සෙනසුරුගෙන් ඇතිවන ඒරාශ්ටක අපල කාලයන්ද එළඹීමට ඉඩ ඇත.

ජ්‍යොතිෂ ශාස්ත්‍රය ලොවට හෙළිකළ ඉසිවරු නවග්‍රහයින්ගෙන් සිදුවන ග්‍රහ අපල දුරුකර ගැනීම සඳහා නානාප්‍රකාර ශාන්ති කර්ම පෙන්වා දීඇත. එනිසාම ඒවා පිළිපැදීම තුළින් අපේ පැරණි මුතුන්මිත්තන් තමන්ට පැමිණෙන දුක් කරදර අපල උපද්‍රව පහසුවෙන් වළක්වා ගත්හ. මිනිසාගේ ගුණධර්ම සමඟ ඒවා බද්ධව තිබිණි.
සෙනසුරුගෙන් ඇතිවන ග්‍රහ අපල සමනය කර ගැනීම සඳහා කළයුතු වත් පිළිවෙත් හා ශාන්ති කර්ම පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම මෙම ලිපියේ අරමුණක් වෙයි.
සෙනසුරු දශාවේදී ජන්මියාට අවර යක්ෂයා හා අවරගිරි යක්ෂණිය අපල කරන බව භූත විද්‍යාවෙහි දක්වා තිබේ. මෙම අපල දුරු කර ගැනීම සඳහා විෂ්ණු දේවතාවාගේද, ආඩි තෙලිඟු භෛරව දේවතාගේද පිහිට පැතිය යුතු බව එහි වැඩිදුරටත් දැක්වේ.


යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව අනුව සෙනසුරු අපලයට කළ යුතු බලි ශාන්ති ක්‍රමයක්ද, පෙන්වා දී ඇත. ඒ අනුව සෙනසුරු මහ දශාවේ මුල් කොටසේ අපලවලට දසක්‍රෝධ බලියද, මැද කොටසේ අපලවල නිළඟ රාක්ෂ බලියද, සෙනසුරු මහ දසාවේ අග කොටසේ අපලවලට ගෞඩි රාක්ෂ බලියද ශාන්ති කර්ම වශයෙන් සඳහන් වෙයි. බලි ශාන්ති කර්ම වර්තමානයේ බොහෝ දුරට අභාවයට ගොස් ඇත.
තවද අපල කාලය තුළ, කළුතල, අංජන කැට, බැවිල ලොත් සුඹුළු, වීපොරි, සතකුප්ප යන ඖෂධ තැම්බූ වතුර ස්නානය කිරීමෙන්ද සෙනසුරු අපලයට සහනය ලබාගත හැකිය.
සෙනසුරු ග්‍රහ පූජාවන්හිදී හා බෝධි පූජාවන්හිදී නිල් පාට මල් වර්ගද, තලතෙල්, අබ තෙල් පහන්ද නිල් කොඩිද තුනුරුවන්ට පූජා කිරීම ඉතාම යෝග්‍යවේ.
සෙනසුරු අපල සඳහා දන්දීමේදී, නිල් මැණික්, ලෝකඩ භාජන, මීහරක්, කළු රෙදි, උඳු තල, කොල්ලු, තලබත් දීකිරි දීම වඩාත් වැදගත් වෙයි. වයස්ගත යාචකයන්ට, අංගවිකලවූවන්ට බත්පැන් දන්දීමද, කකුලක් ආබාධිත යාචකයෙකුට සෙනසුරාදා දිනයක උදේ කාලයේ කැකුළු බත් සමඟ එළවළු ව්‍යාංජනයක් දන්දීම, සෙනසුරාදා දිනයක අලුයම කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් දන්දීම, ඉතාම සුදුසුය. (කපුටා වෙනත් ආහාර ගැනීමට පෙර කපුටු දානය දීම වඩාත් යෝග්‍යවේ) සෙනසුරු ග්‍රහයාගේ වාහනය ලෙස සැලකෙනුයේ කපුටාය. කපුටාට සත්කාර කරවාහන හිමියාගෙන් වන උවදුරු වළකා ගැනීම මෙහි එක් අරමුණක් වෙයි. මෙයද එක්තරා අන්දමේ අල්ලස් දීමකි. මෙම දන්දීම්වලින් පසුව දෙවියන්ට පිං අනුමෝදන් කිරීමද සිදු කළ යුතුය.

ගිලනුන්ට, දුබලයන්ට, දෙමාපියන්ට උපස්ථාන කිරීමද, බණ ඇසීම, බණ කියවීම, ධර්ම පූජා සිදු කිරීම, සිල් රක්ෂාකිරීම භාවනා කිරීමාදී පුණ්‍ය කටයුතුවල නියැළීමෙන්ද සෙනසුරු අපලයෙන් සහනය ලබාගත හැකිවෙයි.
සෙනසුරුට අයත් වෘක්ෂය ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වනුයේ නුග වෘක්ෂයයි. එම නිසා නුග වෘක්ෂයකට කිරිපැණි වත් කිරීම, සාත්තු කිරීම, ආවතේව කිරීම, සහ ගස ස්පර්ශකිරීම සෙනසුරු අපල දුරුකර ගැනීමේ තවත් ක්‍රමයකි.
තවද නුගගස මුල පුදසුන සාදා ඒ මත කොල්ලු, නිල් මල්, තලතෙල්, රනින් කළ මීගොන් රූපයක්, ලෝකඩ ඊයම්, උඳුතල හා නිල් රෙද්දක් යන මේවා සෙනසුරාදා දිනයක සෙනසුරු හෝරාවකික් පහත සඳහන් ස්ත්‍රෝත්‍රය නම වරක් කියා දෙවියන්ට පිං දෙන්න.
නීලාංජන සමාහාසං
රවි පුත්‍රං යමාග්‍රජං
ඡයා මාර්තන්ඩ සංභූතං
තං නමාමි ශනෛශ්වරම්
මෙය උදේ සවස කීමෙන් සෙනසුරු ග්‍රහ අපල දුරුවී සෙත ශාන්තිය ළඟාවේ.
සෙනසුරු අපලයට නිල් මැණික් කාක නිල යන මැණික් වර්ග මෙන්ම යකඩ, ඊයම්, වැනි ලෝහවර්ග පැලඳීමෙන්ද සහනය ලබාගත හැක.
සෙනසුරුගෙන් පැමිණෙන අපල උපද්‍රව සහනය කර ගැනීම සඳහා පැලඳිය යුතු යන්ත්‍ර ගණනාවක් ගැන පැරණි ඉසිවරු අපට පෙන්වා දී ඇත.
නීල මංඩලය, ශනි මෘතුංජය, විෂ්ණු අගෝරය, විෂ්ණු පක්‍ද්ජරය, නවනාථ යන්ත්‍රය, නවග්‍රහ යන්ත්‍රය යනාදී යන්ත්‍ර ඊයම් පත්වල සකසා පිරිසිදු ලෙස 1900 වරක් හෝ 19000 වරක් ජපකර බඳවා ගැනීම සෙනසුරුගෙන් හට ගන්නා රෝගාබාධ හා අපලවල සුබ වන්නේය. සෙනසුරු ඒරාශ්ටක කාලයක් නම් මහා මෘතුංජය යන්ත්‍රය හෝ නවග්‍රහ මෘතුංජය යන්ත්‍රයක් ජීවම් කර පැළදීම සුදුසුය.
ඔබට ලබා ඇති සෙනසුරු මහ දසාවට හෝ ඒරාශ්ටක අපලයට ඉහත සඳහන් ශාන්ති කර්මවලින් ප්‍රයෝජනය ගෙන සහනය ලබාගන්න.
ගම්පහ
අබේසේන හේරත්

Popular posts from this blog

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.