වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න



ෆෙන්ෂුයි ශාස්ත්‍රය යනු නිවසට වාසනාව රැගෙන එන පුරාණ චීන දර්ශනයකි. අතීතය පුරාම පෙරදිග වැසියන් ආධ්‍යාත්මික ආකෘතින් ඉදිකිරීම කෙරෙහි සැලකිල්ලක් දැක්වූ අතර වර්තමානයේ මෙම තත්ත්වය වැඩි දියුණු වී ඒවා නිවාස වල භාවිතා කරන සාමාන්‍ය උපකරණ බවට පත් වී තිබෙනවා. විශේෂ වස්තූන් විශේෂිත ස්ථානවල තැබීම එනම් තරු, ජලය සහ මාලිමා යන්ත්‍ර ස්ථානගත කිරීමෙන් ඔබගේ නිවසේ සංසුන් බව සහ සෞභාග්‍ය වර්ධනය වන බව චීනයේ වැසියන් විශ්වාස කරයි.


මෙම සුබවාදී ශක්තිය සමහර ශාක වලට ද ඇති අතර සොබභාදහම මගින් ධනාත්මක ශක්තිීන් විවිධ ශාකවල සහ ශාක මුල් වල අන්තර් ගත කොට තිබෙනවා. මෙවැනි ශාක වර්ග ඔබගේ නිවෙස තුළ තැබීමෙන් ඔබගේ නිවසට ශක්තිය ලැබෙන මාර්ග විවෘත වන අතර අවට පරිසරයේ ඇති සෘනාත්මක සහගත බව දුරලා ඔබට යහපත් ප්‍රතිඵල ලැබීමට පටන් ගනී.
පහත දැක්වෙන්නේ එවැනි සුබවාදී ශක්තීන්ගෙන් යුත් ශාක වර්ග 10කි.
01. තාල වර්ගයේ ගස්
ඔබගේ නිවසට වඩා හොඳ පෙනුමක් ලබාදීමට මෙන්ම ෆොමල්ඩිහයිඩ් සහ සයිලින් යන ස්වාභාවික ද්‍රව්‍ය මුදා හැර නිවාස අවට වාතය පිරිසිදුව තැබීමද මෙම ශාක මගින් සිදුවේ.
02. මානෙල් මල්
මෙම මල් වර්ගය මගින් නිවසට සාමය සහ ශාන්තිය ලගා වේ. මෙම ශාකය මගින් නිවාස අවට වාතය පිරිසිදු කරවන අතර ස්වසනය පහසු කරවයි.
03. ඕකිඩ්


මෙහි ඇති ප්‍රසන්න ස්වාභාවය ඔබගේ මනස ප්‍රබෝධමත් කරවන අතර ඕකිඩ් ශාකයට, වාතයේ ඇති අහිතකර අංශුන් ඉවත් නිවස ඔක්සිජන් වලින් පිරවීමේ හැකියාවද පවතී. මෙම ශාකය නිදන කාමරයේ තැබීම වඩා සුදුසු වේ
04. රෝස්මේරි ශාකය
රෝස්මරි ශාක වල ප්‍රසන්න සුවදක් ඇති අතර වාතයේ ඇති හානිකර ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක්ද ඇත. විවිධ අධ්‍යන වලට අනුව ඔබගේ මානසික තත්වය වැඩි දියුණු කරවීමේ හැකියාවක්ද මෙම ශාකයට ඇත.
05. ජේඩ් ශාකය
මෙම ශාකය මගින් ඔබ ජිවත් වන අවට වටපිටාවේ විෂ ස්වාභාවය ඉවත් කරවන අතර ඔබට සෞභාග්‍යමත් බව ඇති කරවයි.
06. උණ ශාකය
උණ ශාකය ෆෙන්ෂුයි ශාස්ත්‍රයේ බහුලව භාවිතා වන ශාකයක් වන අතර එමගින් ඔබගේ ශක්තිය සහ වාසනාව වර්ධනය වේ. මෙම ශාකය සදහා එතරම් අවධානය යොමු නොකළ යුතු අතර සරලව සිටවීම පමණක් සෑහේ.
07. අප්‍රිකානු වයලට් ශාකය
මෙම ශාකය ඔබගේ නිවසේ ඊසාන දෙසින් සිටුවීම වඩාත් සුදුසු වන අතර එමගින් ඔබගේ නිවසට සුබවාදී ශක්තින් ආකර්ෂණය වීම සිදුවේ. ඔබගේ මුල්‍ය තත්වය සැලකිය යුතු තරමින් වර්ධනය වීම සිදු වේ.
08. ෆීකස් ශාකය
මෙම ශාකයට අඩු නඩත්තුවක් සෑහෙන අතර එමගින් ඔබගේ නිවස අවට වායු ගෝලය පිරිසිදු වීම සිදු වේ.
09. ඉත්ත වැල්
නෙතට බොහෝ ප්‍රසන්න වන අතර ඔබගේ නිවාස වටා ඇති සියලුම රිනාත්මක බලවේග අවශෝෂණය කිරීමේ හැකියාව මෙම ශාකයට ඇත.
10. පැගිරි කුලයේ ශාක

දොඩම් දෙහි වැනි ශාක සතුව වායුගෝලය පිරිසිදු කිරීමේ හැකියාවක් පවතින අතර මෙම ශාක ඔබගේ නිවාස ඉතා ප්‍රසන්න සුවදකින් පුරවාලයි.

Popular posts from this blog

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.