Posts

වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

ගෙයක් හදන්න සුදුසු ස්ථනය තෝරා ගන්න විදිය හරියටම දැනගන්න

Image
වාසයට ගෙයක් තැනීම මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද පොදු මූලික අවශ්‍යතාවකි. පක්ෂීන් ආදී සතුන් නිවාස තනන්නට සුදුසු තැන් සොයා ගන්නා හැටි මෙන් ම ඉතා දක්ෂ ලෙස ගෙය සාදා නිම කරන හැටිත් අප නොයෙක් විට දැක තිබේ. උන් ඒ සඳහා සුදුසු ම තැන තෝරා ගන්නේ සහජ ඉව උපයෝගී කැර ගෙන ය. එහෙත් මිනිසාට එතරම් ම තියුණු ඉවක් නැති නිසා ගෙයක් සඳහා තැනක් තෝරා ගන්නේ දැනුම සහ අත්දැකීම් භාවිතයට ගනිමිනි. පුරාණයේ සිට පැවතෙන ජ්‍යොතිෂ – වාස්තු නීතී යනු මිනිසාගේ අත්දැකීම් මත පදනම් වූ ප්‍රත්‍යක්ෂ දැනුම් පද්ධතියකි. කොතෙක් සාර සොබාවට ගෙයක් තැනූවත් එය පිහිටි භූමිය අසාර නම් නිවැසියන්ගේ ජීවිත ද නොයෙක් දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වේ. ගෙයක් තැනීමට හොඳ ඉඩමක් තෝරා ගත යුත්තේ ඒ නිසා ය. මුලින් ම ඉඩමේ පස පරීක්ෂා කළ යුතු ය. ඒ සඳහා ඇති වාස්තු විද්‍යා නීති කිහිපයක් හැකිතාක් සරලව මෙසේ ඉදිරිපත් කරමු. ගොහොරු මඩ සහිත භූමිය සහ පහත් බෑවුම් – නිවාස තැනීමට නුසුදුසු ය. ඉඩම සාපේක්ෂව උස් භූමියක පිහිටීම ඉතා සුදුසු ය. මෙකල පහත්බිම් ගොඩකැර අලෙවි කරන වෙන්දේසි ඉඩම් බහුල ය. උළු ගඩොල් ආදිය සඳහා පස් කැපූ ගැඹුරු වළවල් සහිත තැන් ද ගොඩකැර විකුණනු කොතෙකුත් දක්නට

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න

Image
ෆෙන්ෂුයි ශාස්ත්‍රය යනු නිවසට වාසනාව රැගෙන එන පුරාණ චීන දර්ශනයකි. අතීතය පුරාම පෙරදිග වැසියන් ආධ්‍යාත්මික ආකෘතින් ඉදිකිරීම කෙරෙහි සැලකිල්ලක් දැක්වූ අතර වර්තමානයේ මෙම තත්ත්වය වැඩි දියුණු වී ඒවා නිවාස වල භාවිතා කරන සාමාන්‍ය උපකරණ බවට පත් වී තිබෙනවා. විශේෂ වස්තූන් විශේෂිත ස්ථානවල තැබීම එනම් තරු, ජලය සහ මාලිමා යන්ත්‍ර ස්ථානගත කිරීමෙන් ඔබගේ නිවසේ සංසුන් බව සහ සෞභාග්‍ය වර්ධනය වන බව චීනයේ වැසියන් විශ්වාස කරයි. මෙම සුබවාදී ශක්තිය සමහර ශාක වලට ද ඇති අතර සොබභාදහම මගින් ධනාත්මක ශක්තිීන් විවිධ ශාකවල සහ ශාක මුල් වල අන්තර් ගත කොට තිබෙනවා. මෙවැනි ශාක වර්ග ඔබගේ නිවෙස තුළ තැබීමෙන් ඔබගේ නිවසට ශක්තිය ලැබෙන මාර්ග විවෘත වන අතර අවට පරිසරයේ ඇති සෘනාත්මක සහගත බව දුරලා ඔබට යහපත් ප්‍රතිඵල ලැබීමට පටන් ගනී. පහත දැක්වෙන්නේ එවැනි සුබවාදී ශක්තීන්ගෙන් යුත් ශාක වර්ග 10කි. 01. තාල වර්ගයේ ගස් ඔබගේ නිවසට වඩා හොඳ පෙනුමක් ලබාදීමට මෙන්ම ෆොමල්ඩිහයිඩ් සහ සයිලින් යන ස්වාභාවික ද්‍රව්‍ය මුදා හැර නිවාස අවට වාතය පිරිසිදුව තැබීමද මෙම ශාක මගින් සිදුවේ. 02. මානෙල් මල් මෙම මල් වර්ගය මගින් නිවසට සාමය සහ ශාන්තිය ලගා වේ

ඔබේ කන්‍යාපටලය ගැන මේ දේවල් දන්නවාද කාන්තාවන්ට පමණයි

Image
Click here >> 

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.

Image
නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු නිවෙසක ප‍්‍රධන දොරටුව සෞභාග්‍යයේ සංකේතයක් බඳුය. පුරාණ වාසීහු එයට ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කළහ. එමඟින් ජීවිතයේ සරු පල නෙලා ගත්හ. එහෙත් අද…… නිවසක් ඉදිකිරීමේ දී පුරාණයේ සිටස ප‍්‍රධාන දොරටුව හෙවත් මහා ද්වාරය ගැන වැඩි සැලකිල්ලක් දක්වයි. ප‍්‍රධාන දොරටුව සුබදායක තැනක තැබීම නොවැරදීම කළ යුතු දෙයකි. වාස්තු මූලධර්මවලට අනුව ප‍්‍රධාන දොර පිහිට වූ විට එයින් නිවෙසියන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ද සෞභා්‍යය ද තෘප්තිය ද අත්වන බව වාස්තු විද්‍යාවේ සැලකේ. නිවෙසේ ගෘහ මූලිකයා හා ඔහුගේ හෝ ඇයගේ ජීවන මාර්ගය නියෝජනය වන්නේ නිවසේ ප‍්‍රධාන දොරටුවෙන්ය. එබැවින් ප‍්‍රධාන දොරටුව මෙන්ම එහි පිවිසුම් මාර්ගය ද සිත් ගන්නා සුළු ප‍්‍රියමනාප ස්වභාවයෙන් යුතුව ආකර්ෂණිය තත්ත්වයකින් තිබිය යුතුය. ප‍්‍රධාන පිවිසුම ඉදිරිපිට ද ඉතා පිරිසිදුව කැළි කසළ වලින් තොරව තිබිය යුතුය. නිවෙස් දොර අසල සීනුව ද හොඳ තත්ත්වයේ එකක් වීම සුබ කරුණකි. නිවෙසේ නාම පුවරුව ද දිලිසෙන පිරිසිදු ප‍්‍රියමනාප එකක් විය යුතුය. එය රත්ත‍්‍රන් පැහැයෙන් යුතු නම්ඉතා අගනේය. ඉදිරිපිට දොර පියන ද කැටයම්වලින්

සෙනසුරු අපලයට සිදු කරන ශාන්ති කර්ම.

Image
සෙනසුරු අපලයට සිදු කරන ශාන්ති කර්ම.... සෙනසුරු ග්‍රහයා 2017 ජනවාරි 26 වන දින රාත්‍රි ධනු රාශියට පිවිසියේය. ධනු රාශියේ මාස දෙකයි දින 10ක පමණ කාලයක් ගතකර 2017 අප්‍රේල් මස 06 වන දින අපසුගමන් (වක්‍රවී) අරඹයි. 2017 ජුනි මස 21 වැනි දින යළිත් වෘශ්චික රාශියට පිවිසෙන සෙනසුරු 2017 ජුලි මස 25 වැනි දින ආපසු ගමන නවතයි. යළිත් ඉදිරිය බලා ගමන් කිරීම අරඹා 2017 ඔක්තොම්බර් මස 26 වන දින යළිත් ධනු රාශියට ප්‍රවිශ්ට වනු ඇත. එතැන් සිට 2020 ජනවාරි 24 වැනිදා දක්වා අවුරුදු දෙකකුත් මාස තුනක පමණ කාලයක් සෙනසුරු ධනු රාශියේ ගෝචරය වෙයි. සෙනසුරු මාරුවත් සමගම ලග්න දෙකකම ඒරාෂ්ටක අපල කාලයක් ආරම්භ වෙයි. ඒ අනුව ධනු ලග්න හිමියන්ට සෙනසුරුගෙන් යෙදෙන ලග්න ඒරාෂ්ටක වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයද උදාවී ඇත. ධනු රාශියේ උපතේදී චන්ද්‍රයා පිහිටා සිටි ජන්මීන්ට ලග්න ජන්ම ඒරාශ්ටකයද උපතේදී අටවැන්නේ චන්ද්‍රයා සිටි වෘෂභ ලග්න හිමියන්ට ජන්ම අෂ්ටම ඒරාශ්ටකයද ලබා ඇත.සෙනසුරුගේ නෛසර්ගික ගතිය වැරදි කළවුන්ට දඬුවම් දීමය. වැරදි කළ අය මොන උපක්‍රම යොදා නීතියෙන් ගැලවුනත් සෙනසුරුගෙන් නම් බේරිල්ලක් නැත. කිසිම සමාවක්ද නැත. ලොකු කුඩා

Health line

Image
Fever