වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

ගෙයක් හදන්න සුදුසු ස්ථනය තෝරා ගන්න විදිය හරියටම දැනගන්න



වාසයට ගෙයක් තැනීම මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද පොදු මූලික අවශ්‍යතාවකි. පක්ෂීන් ආදී සතුන් නිවාස තනන්නට සුදුසු තැන් සොයා ගන්නා හැටි මෙන් ම ඉතා දක්ෂ ලෙස ගෙය සාදා නිම කරන හැටිත් අප නොයෙක් විට දැක තිබේ. උන් ඒ සඳහා සුදුසු ම තැන තෝරා ගන්නේ සහජ ඉව උපයෝගී කැර ගෙන ය. එහෙත් මිනිසාට එතරම් ම තියුණු ඉවක් නැති නිසා ගෙයක් සඳහා තැනක් තෝරා ගන්නේ දැනුම සහ අත්දැකීම් භාවිතයට ගනිමිනි.
පුරාණයේ සිට පැවතෙන ජ්‍යොතිෂ – වාස්තු නීතී යනු මිනිසාගේ අත්දැකීම් මත පදනම් වූ ප්‍රත්‍යක්ෂ දැනුම් පද්ධතියකි. කොතෙක් සාර සොබාවට ගෙයක් තැනූවත් එය පිහිටි භූමිය අසාර නම් නිවැසියන්ගේ ජීවිත ද නොයෙක් දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වේ. ගෙයක් තැනීමට හොඳ ඉඩමක් තෝරා ගත යුත්තේ ඒ නිසා ය. මුලින් ම ඉඩමේ පස පරීක්ෂා කළ යුතු ය.
ඒ සඳහා ඇති වාස්තු විද්‍යා නීති කිහිපයක් හැකිතාක් සරලව මෙසේ ඉදිරිපත් කරමු.
  1. ගොහොරු මඩ සහිත භූමිය සහ පහත් බෑවුම් – නිවාස තැනීමට නුසුදුසු ය. ඉඩම සාපේක්ෂව උස් භූමියක පිහිටීම ඉතා සුදුසු ය. මෙකල පහත්බිම් ගොඩකැර අලෙවි කරන වෙන්දේසි ඉඩම් බහුල ය. උළු ගඩොල් ආදිය සඳහා පස් කැපූ ගැඹුරු වළවල් සහිත තැන් ද ගොඩකැර විකුණනු කොතෙකුත් දක්නට ලැබේ. මෙවැනි නැවත ගොඩකළ ඉඩම් බැලූ බැල්මට උස් හෝ සමතලා ලෙස පෙනෙන්නට තිබෙන මුත් ඒවා නිවාස තැනීම සඳහා කිසිසේත් සුදුසු නොවේ. එවැනි වෙන්දේසි ඉඩම්වල තැනින් තැන කාලට බාගෙට සහ තුන් කාලට බිත්ති නංවා තිබෙන අතර ඉන් එහාට යා නො හැකිව තිබෙන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. ඒවා ඈතට දිස්වන්නේ නූතන නටබුන් ජනපද වශයෙනි. මේ නිසා අද කාලයේ නම් ඉඩමක් මිලට ගැනීමේදී මතුපිටින් පෙනෙන දේ හාරා අවුස්සා බැලීමට හෝ ඉඩමේ පැටිකිරිය සොයා බැලීමට අමතක නො කළ යුතු ය.
“නිම්නං නින්දිතමුච්චන්තු ප්‍රශස්තං වාස්තුකර්මණි
ප්‍රාගුදක් ප්‍රවණස්ථානං නිත්‍යං වෘද්ධිකරම්භවෙත් “
(ගෙවල් තැනීම සඳහා පහත් භූමිය නින්දිත ය. උස් භූමිය ප්‍රශස්ත ය. නැගෙනහිරට හෝ උතුරට නතු වූ බිම් නිරන්තරයෙන් පොහොසත් බව ඇති කරන්නේ ය. යනුවෙන් දෛවඥකාමධේනුව කියයි.)
ඒ වාස්තු නීතිය අදටත් වලංගුවන අතර එය උල්ලංඝනය වූ අවස්ථාවලදී ලැබී ඇති කටුක විපාකයන් කොතෙකුත් දක්නට ලැබේ.
  1. කිසියම් ඉඩමක කරමැටි – තුඹස් – ආදිය දක්නට ලැබේද එම භූමිය නිවාස සෑදීම සඳහා සුදුසු නොවේ යැයි පුරාණ වාස්තු විද්‍යාවේ ඉගැන්වේ. මේ කියන්නේ කුමක් දැයි ඔබට පැහැදිලිවිය යුතු ය. එහෙත් අද කාලයේ නම් ජනාකීර්ණ ඉඩම්වල තුඹස් දක්නට නො ලැබේ. අනෙක් අතට විකුණන ඉඩමක නම් එවැන්නක් කිසිසේත් ඉතිරි වන්නේ ද නැත. එහෙත් එය කරමැටි සහිත භූමියක් ද යන්න සොයා ගැනීම නම් අසීරු නොවේ. කරමැටි බහුල ඉඩමක නිවෙසක් ඉදි කිරීම යනු වැල්ලේ වැලි මාළිගාවක් තැනීම බඳු වැඩකි. එම නිවස ඉදි කළත් වැඩිකල් පවතින්නේ නැත.
  2. කිසියම් ඉඩමක ගල් හා වැලි බහුල වන්නේ ද පොළොව මතුපිට සහ පස් යට සත්ත්ව ඇට කටු ආදිය දක්නට ලැබෙන්නේ ද මෙවැනි භූමියක නිවාස තැනීම සුදුසු නොවේ. ඉදි කිරීමට යන නිවෙසේ වැඩ වරින්වර බිඳ වැටෙනවා පමණක් නොව නොයෙකුත් ආරාවුල් සහ අලාභහානි ආදියට මුහුණ දීමට ද සිදුවේ. ගැටුම් සහ රෝග සතුරු බිය රජ කරන අසාර භූමියකි.
  3. කිසියම් ඉඩමක වාතාශ්‍රය දුගඳ සහිත වන්නේ ද ඉඩමේ පස් මිටක් අතට ගත් විට අප්‍රසන්න හෝ සාමාන්‍ය නොවූ ගන්ධයක් වහනය වන්නේ ද මේ භූමියේ නිවාස තැනීම සුදුසු නොවේ. ධනහානි – කායික සහ මානසික පීඩා බහුලවන අතර නිවැසියෝ පරාජිතයන් බවට පත්වෙති. ඔවුන්ගේ සිත් තුළ නිතර බිය සහ සැකය රජ කරයි. කිසියම් මූසල අඳුරක් හාත්පස පැතිරේ. ඔවුන් ජීවත් වන්නේ මළවුන් පරිද්දෙනි.
  4. කිසියම් ඉඩමක පස් බුරුල් ද බෙලසුල් ගතියෙන් ද යුක්ත වන්නේ නම් එකී ඉඩම ද නිවාස තැනීමට සුදුසු නොවේ. මෙවැනි ඉඩමක නිවෙසක් ඉදි කිරීම ගඟට ඉණි කැපීම වැනි අනුවණ ක්‍රියාවකි. එය මුදල් නාස්තියක් බවට පත්වේ. කිසිදා එහි නිවෙසක් ඉදිකැර පදිංචි විය නො හැකිය. නවීන කොන්ක්‍රීට් තාක්ෂණය යොදා නිවෙසක් ඉදි කරනු ලැබූවත් එය වැඩිකල් පවතින්නේ නැත. මෙවැනි අසාර්ථක නිවාස කොතෙකුත් අපට දක්නට ලැබේ.
කිසියම් ඉඩමක සාර අසාර බව සෙවීමට පස් පරීක්ෂා කිරීමේදී එය නිසි ලෙස ම කිරීමට නම් තෝරා ගත් තැනක අඩුම තරමින් රියනක් වත් ගැඹුරට පසා හාරා බැලිය යුතු ය. රියනක් යට හමුවන පස තද ගතියෙන් යුක්ත වන්නේ නම් එය සුදුසු භූමියක් ලෙස තීරණය කළ හැකිය. හැකියාවක් තිබේ නම් රියන් දෙකක් හෝ තුනක් දක්වා හාරා බැලීම ඉතා ප්‍රශස්ත වේ.
මෙසේ ඉඩමේ හෑරූ වළෙන් ඉවතට ගත් පස්වලින් එම වළ නැවත පිරවීමේදී කිසියම් පස් ප්‍රමාණයක් ඉතිරි වූයේ නම් එම ඉඩම සාරවත් ය. එහි නිවෙසක් ඉදි කිරීමෙන් සෞභාග්‍යය උදාවේ. යම් හෙයකින් එකී වළ වසා දැමීමට පමණක් ප්‍රමාණවත් පස් තිබුණේ නම් එයින් සමඵල ද කිසියම් හෙයකින් වළ මුළුමණින් වසා දැමීමට පස් ප්‍රමාණවත් නොවූයේ නම් එය අසාර ඉඩමක් ලෙස සැලකිය යුතු බවත් පුරාණ වාස්තු විද්‍යා මතයකි.
පස් පරීක්ෂාව සඳහා වළ හෑරීමේදී ගෝනුසු සර්ප මැඩි ආදී සතෙකු පස් අතරින් මතුවුවහොත් එය නුසුදුසු ඉඩමකි. අළු – අස්ථි කොටස් – හෝ දඬු මුල් ආදිය එහි තිබුණොත් එකී භූමියේ නිවෙස ඉදි නොකළ යුතු බවත් පුරාණ වාස්තු විද්‍යාවේ සඳහන් වේ.
( නිවෙසක් ඉදි කිරීමේදී බලපාන භූ ලක්ෂණ සහ දිශා නියමය පිළිබඳව ලබන සතියේ විමසා බලමු.)

Popular posts from this blog

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.