වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

පෘථිවියට බලපෑම් කරන සමාන්තර ලෝකයක් හිමාලයෙන්

පෘථිවියට බලපෑම් කරන සමාන්තර ලෝකයක් හිමාලයෙන්


සමාන්තර ලෝක ගැන ඔබ අසා ඇතිවාට සැක නැත. පෘථිවියට සමාන්තරව වෙනත් මානවල පිහිටි මෙම ලෝක සමහර ස්ථානවලදී පෘථිවියට විවර වන බව සඳහන් වේ. එවන් එක් ස්ථානයක් ලෙස බර්මියුඩා ත්‍රිකෝණය හඳුනාගෙන ඇත. බොහෝ දෙනාගේ අදහස බර්මියුඩා ත්‍රිකෝණය තුළ සිදුවන අබිරහස් අතුරුදන්වීම්වලට හේතුව එහි පිහිටා ඇති සමාන්තර ලෝකය බවයි. සමාන්තර ලෝක පිළිබඳව කතා කරන විට හිමාලය ආශි්‍රතවද මෙවැනි සමාන්තර ලෝකයක් පවතින බවට වාර්තා පළ වේ. ඉන්දියානුවන් මේ දේශය හඳුන්වන්නේ ගයාගන්ජු එසේත් නැත්නම් සිද්ධාශ්‍රම් ලෙසය.
ටිබෙට්වාසීන් මෙය ෂම්බාලා හෙවත් පී්‍රතියේ උල්පත නමින් හඳුන්වයි. මේ දේශයේ ඇති විශේෂත්වය නම් කිසිම වාහනයකින් හෝ පොළොව මතින් දිවෙන කිසිදු පාරකින් මේ දේශයට ඇතුළු විය නොහැකි වීමයි. භාවනා බලයෙන් ආධ්‍යාත්මික ශක්තිය ලැබූවන්ට පමණක් මෙහි ඇතුළුවීමට අවස්ථාව තිබෙන බව කියැවේ. හිමාලයේ ගන වනාන්තරය තුළ පිහිටා ඇතැයි විශ්වාස කරන මේ දේශය වෙත ඇති දුෂ්කර මාර්ගය තරණය කළ හැක්කේ ආධ්‍යාත්මික බලයෙන් පමණක් බව විශ්වාස කෙරේ. මේ දේශය ඉතා අද්භූතජනක ලෙස ලෝකයෙන් සැඟවී තිබෙන අතර කිසිදු සිතියමක සටහන් නොවන කිසිදු තාක්‍ෂණික උපකරණයකට හසු නොවන කලාපයක මෙය පිහිටා ඇති බවත් කියැවේ. මෙම අද්භූත දේශය පිළිබඳ සියවස් ගණනාවක් පැරැණි පුරාවෘත්ත ඉන්දියාවෙන් හා ටිබෙටයෙන් හමු වී ඇත.

කාලයත් සමඟ සමහර පුරාවෘත්ත යටපත් වුවද ගයාගන්ජු දේශය පිළිබඳ පුරාවෘත්තයට නම් එසේ නොවීය. මේ ගැන උනන්දු වූ බොහෝ දෙනා මෙය ගවේෂණය කිරීමට පෙලඹුණහ. ඒ අනුව මේ පිළිබඳ බොහෝ පොත්පත්, චිත්‍රපට ආදියද තැනිණි. මේ අද්භූත දේශය ගැන අත්දැකීම් ලැබූ අයද සිටිති. ඒ අතර බි්‍රතාන්‍ය ජාතික හමුදා නිලධාරියකු වූ එල්.පී. ෆැරල් ප්‍රධාන වේ. හිමාලයේ ජීවත් වන මිනිසුන් හා බුදු දහම පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූ ෆැරල් නිතරම හිමාලයේ සංචාරය කළ පුද්ගලයෙකි.
දිනක් එසේ ගිය සංචාරයකදී ෆැරල් හා ඔහුගේ සගයෝ එළිමහන් කූඩාරම් තනාගෙන ඒවායේ නතර වූහ. ෆැරල් තනිව කූඩාරමක නැවතී සිටි අතර එදින රාත්‍රි ඇසුණු අද්භූත කටහඬකින් ෆැරල් නින්දෙන් අවදි විය. එම අද්භූත කටහඬ ෆැරල්ට පැවැසුවේ කැලේ මැදින් තමා පසුපස එන ලෙසය. මුලදී ෆැරල් එසේ යෑමට බියවූ නමුත් එම කටහඬ කීපවතාවක්ම ආරාධනා කළ පසු ඔහු කූඩාරමෙන් නික්මී කටහඬ පෙන්වූ ස්ථානයට ගමන් කළේය.

එහිදී ෆැරල්ට වියපත් සාධුවරයකු මුණ ගැසිණි. එම සාධුවරයාගේ ශරීරයෙන් රශ්මියක්ද විහිදිණි. ෆැරල්ගේ නමින්ම ඔහුට ආමන්ත්‍රණය කළ සාධුවරයා ඔහුට පැවැසුවේ වහාම ඔවුන්ගේ කූඩාරම් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසය. එදින සවස් යාමයේ එම ස්ථානයෙන් ගමන් කිරීමට තරුණයෙක් පැමිණෙතැයිද ඔහුට සුවිශේෂී ආධ්‍යාත්මික ගමනක් යෑමට නියමිතව ඇති හෙයින් එම ගමනට බාධා වන කිසිවක් මාර්ගයේ නොතබන ලෙස සාධුවරයා ෆැරල්ට පවසා සිටියේය. ෆැරල් ඒ කියූ ලෙසම තමන්ගේ හා තම සගයන්ගේ කූඩාරම් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නට කටයුතු කළේය.
එදින සවස් වන විට මුළු මහත් හිමාල පරිසරයම විපර්යාසයකට ලක්විය. අද්භූත දර්ශන පෙනෙන්නටද විය. ඒ අතර කූඩාරම් තිබූ තැනට තරුණ යෝගියෙක් පැමිණියේය. ඔහු ප්‍රකාශ කළේ තමන් සියලු භෞතික බැඳීම් අත්හැර ගයාගන්ජු දේශය වෙත යෑමට සූදානම් බවයි. එදා සිට ෆැරල්ගේ ජීවිතය වෙනස්වූ අතර ඔහු තව තවත් ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වූ බව කියැවේ.
ඉන් කාලයකට පසු නැවතත් ගයාගන්ජු පිළිබඳ ලෝකයාගේ අවධානය යොමුවූයේ ජේම්ස් හිල්ටන් නමැත්තා රචනා කළ ‘ඊඩඥ ඹ්ධඵබ ඩධපඪලධද’ නම් කෘතියත් සමඟය. ටිබෙටයේ බෞද්ධ ආශ්‍රම ආශි්‍රතව හා හිමාලය ආශි්‍රතව බොහෝ කාලයක් ගත කළ ඔහු සිය අත්දැකීම් අලළා මේ කෘතිය ලිවීය.
එහි ගයාගන්ජු පිළිබඳවද ඇතුළත් කිරීමට ඔහු අමතක නොකළේය. මේ කෘතිය කියැවූ බොහෝ දෙනා ඉන් පසුව මෙම අබිරහස් දේශය සොයා පරීක්‍ෂණ පැවැත්වුවද ඒ කිසිවකුට මේ ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. කෙසේ වුවද නූතන විද්‍යාව අදහන පිරිස් ප්‍රකාශ කරන්නේ මෙය මිථ්‍යාවක් බවයි. එහෙත් නූතන විද්‍යාවෙන් ඔප්පු කර පෙන්විය නොහැකි අබිරහස් ගොන්නක් හිමාලයේ සැඟවී ඇති බව පර්යේෂණවලින් පවා සනාථ වී ඇත. බොහෝ වයස්ගත වූ එහෙත් පෙනුමෙන් තරුණ යෝගීන් විශාල ප්‍රමාණයක් හිමාලයේ වෙසෙන බව ප්‍රසිද්ධ රහසකි.

එසේම උෂ්ණත්වය ඍණ ගණන් වන අධික ශීතලෙන් යුතු හිමාල කඳු මුදුන්වල භාවනා බලයෙන් තම දෑත් හා දෙපාවල උණුසුම ඉහළ නන්වාගෙන භාවනා යෝගීව සිටින භික්‍ෂුන් හා යෝගීන් ගැන හිමාලයෙන් අසන්නට ලැබී ඇත. මේ යෝගීන් සිය භාවනා බලයෙන් පරිවෘත්තීය ක්‍රියා පවා පාලනය කිරීමට සමත් බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.
හිමාලය යනු මෙතරම් විස්මිත ස්ථානයක් බැවින් ගයාගන්ජුද මිථ්‍යාවක් ලෙස සලකා බැහැර කළ නොහැකිය. කෙසේ නමුත් ගයාගන්ජු පිළිබඳ අබිරහස කිසිදා ලොවට හෙළි නොවීමට බොහෝ දුරට ඉඩ ඇත.
එල්. ජයසේකර

Popular posts from this blog

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.