වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

මේ ආහාර වර්ග නම් කවදාවත් නැවත රත් කර ආහාරයට ගන්න එක සුදුසු නෑ.


මේ ආහාර වර්ග නම් කවදාවත් නැවත රත් කර ආහාරයට ගන්න එක සුදුසු නෑ

දැන් තියෙන කාර්ය බහුල ජීවිතෙත් එක්ක හැම වේලකටම කෑම උයන එක කරන්න බැරි දෙයක්.
මේ නිසා අපි කවුරුත් කරන්නේ එක සැරේ වේල් දෙකකට, සමහර විට තුනකටම උයනවා.
සමහර විට සති අන්තයේදී ටිකක් ලොකුවට මොනවා හරි හදලා ශීතකරණයේ දාලා තියන එකත් දැන් බොහෝ දෙනා කරන දෙයක්.
කන්න අවශ්‍ය වෙලාවට රත් කරලා ගත්තාම හරි. නමුත් එහෙම කරන්න ගිහින් විෂ වෙන්න පුළුවන් කෑම වර්ග කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
මේ ආහාර නිතරම අලුතෙන් උයලා අරගෙන විතරක් කෑමට ගන්න. ආහාර විෂ වීමක් වළක්වා ගන්න මේ උපදෙස පිළිපදින එක හරිම වැදගත් වේවි.
1. හතු / බිම්මල්          
   
හතු හරි බිම්මල් හරි කනවා නම් පැකට් එක විවෘත කරපු ගමන් උයලා කන එක තමයි වඩාත්ම හොඳ දේ. ආපහු ඊළග වේලට කන්න ඉතුරු කර ගත්තොත් රත් කරන්නේ නැතිව කෑමට ගන්න. දිලීර වර්ගයක් නිසා හතු වල තියෙන ප්‍රෝටීන් බන්ධන නැවත රත් කරද්දී වෙනස් වෙන්න පුළුවන්.
මේකෙන් එක ගැටළුවක් වෙන්නේ රසය වෙනස් වෙන එක. නමුත් අජීර්ණය හා බඩේ අමාරු ඇති කරවන්නත් නැවත රත් කරපු බිම්මල් හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සමෙන්.
2. කුකුල් මස්

මේක අදාළ වෙන්නේ තදින් රත් කරොත් තමයි. කුකුල් මස් කියන්නේ සිහින් තන්තු වලින් හැදුණු මස් වර්ගයක් නිසා බිම්මල් වගේම තදින් රත් කරාම ආහාරයට ගන්න නුසුදුසු වෙන කෑම වර්ගයක්.
නැවත රත් කරද්දී මස් දිය වෙන්නෙත් මේ නිසයි. ඒ නිසා තදින් රත් කරන්න හොඳ නැහැ. සීතල කරලා තියෙනවා නම් කන්න ගද්දී කන්න සුසුසු වෙන තරමට රත් කරලා ගන්න එකයි හරි ක්‍රමය.
3. අල

අල කියන්නේ නැවත රත් කරන්න හොඳම නැති දෙයක්. මේකට ප්‍රධාන හේතුව එහි පෝෂණ ගුණය විනාශ වෙන අතරම නැවත රත් කරන අල අපිට විෂ වෙන්නත් ඉඩ තියෙන නිසයි.
මේ නිසා හදපු ගමන් හෝ පස්සේ කනවා නම් රත් කරන්නේ නැතුව කන්න වග බලා ගන්න. අල වගේ දෙයක් කල් තියා ගන්න පුළුවන් නිසා අවශ්‍ය වෙලාවට උයලා ගන්න එක වඩා සුදුසුයි.
4. නිවිති

නිවිති කියන්නේ යකඩ වගේම නයිටේ‍රටි වලිනුත් බහුල කොළ ජාතියක්. නැවත නැවත රත් කරද්දී ඒවා නයිට්‍රයිට බවට හැරෙන්න ඉඩ තියෙනවා.
නයිට්‍රයිට මිනිස් සිරුරට පිළිකා කාරක වෙන්න ඉඩ තියෙන බව බොහෝ පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. මේ නිසා නිවිති නම් අලුතෙන් හදලා විතරක්ම කෑමට ගන්න බලන්න.
5. බීට්රූට්

බීට් රූට් කියන්නෙත් නිවිති වගේම නයිටේ‍රට් පිරුණු ආහාරයක්. බීට් තුළ සීනිත් අඩංගු නිසා නයිට්‍රයිට බවට හැරවෙන ප්‍රතික්‍රියාව වඩාත් පහසුවෙන් සිදු වෙන්න ඉඩ තියෙනවා.
මේ නිසා බීට් රූට් නම් නැවත රත් කරන එක නුසුදුසුම වැඩක්. වේල් කිහිපයකට කන්න හදා ගන්නවා නම් රත් නොකර හෝ කෑමට ගන්න සුදුසු උෂ්ණත්වයට විතරක් රත් කරලා ගන්න බලන්න. අධික සීනි සාන්ද්‍රණය නිසා බීට් ඉක්මණින් නරක් වෙන්නේ නැහැ, ඒ නිසා කෙටි කාලයකට නම් ශීතකරණයේ නොදැම්මත් ප්‍රශ්නයක් නෑ.
6. සෙලරි
මේකේ තියන පෝෂණ ගුණය නිසා අපේ රටෙත් වැඩි දෙනෙක් දැන් සෙලරි ආහාරයට ගන්නවා.
විශේෂයෙන් සෙලරි වලින් හදන සුප් නැවත රත් කරලා ආහාරයට ගන්න සුදුසු නැහැ. සෙලරි කෑමට ගන්න සුදුසු වෙන්නේ නැවුම්ව පිසගෙන විතරමයි.
7. බිත්තර

නැවත රත් කරන්න හොඳම නැති දෙයක් තමයි බිත්තර කියන්නේ. මොකද බිත්තර වල අඩංගු ප්‍රෝටීන බොහොමයක් ඉතා ඉක්මණින් විෂ වර්ග බවට පුළුවන් තත්වයේ තියෙන්නේ.
මේක බැදපු සහ තම්බපු බිත්තර දෙකටම අදාලයි. බිත්තර නම් ඒ වෙලාවේ හදා ගෙන කන එක තමයි සුදුසුම දේ, කල් තියා ගෙන කන එක අනුමත කරන්නම බැහැ.
ඉතින් ඔබ හරි, බිරිඳ හරි, අම්මා හරි යම් කෑම වර්ගයක් දවස් කිහිපයකට කන්න හිතාගෙන ලොකුවට හදලා ශීතකරණයේ දානවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.
පහසුව හොයන්න ගිහින් ලෙඩ වෙන එක වළක්වා ගන්න ඒක පහසුවක් වේවි.

Popular posts from this blog

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.